8 වැනි විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි (Video)
Thursday, 21 July 2022 - 10:12 | Views - 656
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (21) දිවුරුම් දුන්නා.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී, අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරිදී යි.

කෙසේ වෙතත්, අනුප්‍රාප්තික ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පළමුවරට ඊයේ (20) පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ ඡන්දයකින් පසුව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ වැඩි ඡන්ද 134කින් තේරී පත් වුණා.

එසේම, රනිල් වික්‍රමසිංහ මීට පෙර අවස්ථා හයකදීම අගමැති ධුරයේ කටයුතු කර තිබීම විශේෂත්වයක්. පිලිවෙලින් 1993,2001,2015,නැවතත් 2015,2018,2022 වශයෙන් ඔහු අගමැති ධුරයේ ද , එසේම වැඩබලන ජනපති ධුරයේද කටයුතු කර තිබෙනවා.

එමෙන් ම , පළමු වරට රනිල් වික්‍රමසිංහ පාර්මේන්තුවට මන්ත්‍රීවරයෙක් ලෙස පැමිණෙන්නේ ද 1977 වර්ෂයේ අද වැනි දිනක වීම ද විශේෂත්වයක්. එවිට අද ජනපති ධුරයේ දිවුරුම් දෙනවිට ඔහු පාර්ලිමේන්තුවට පැමිණ අවුරුදු 45ක් වනවා.

එසේම, ලොව පළමු අගමැතිනිය වන සිරිමා බණ්ඩාරනායක දිවුරුම් දුන්නේ ද 1960 ජුලි 21 වැනි දිනයක වීම ද විශේෂත්වයක්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top