ජනපති රනිල් වික්‍රමසිංහගෙන් විදෙස් මාධ්‍යවේදියාට සැර පිළිතුරක්
Thursday, 21 July 2022 - 9:20 | Views - 717
ඊයේ සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ සිටියා.

මෙම ගමන පෞද්ගලික සංචාරයක් ලෙස සැලසුම් කර තිබුණද ඒ පිළිබඳ තොරතුරු දැන ගත් ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයින් සහ දෙස් විදෙස් මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් ද ඒ අවස්ථාවට එක්ව සිටියා.

එහිදී බ්‍රිතාන්‍යය sky news මාධ්‍යවේදියා ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ, මෙරට ජනතාව වෙනසක් බලාපොරොත්තු වන බවත් පැරැණි රාජපක්ෂ හිතවාදියකු වන ඔබ එම වෙනස සිදු කරන්නේ කෙසේද කියයි.

මම කොහොමද රාජපක්ෂවරුන්ගේ මිතුරෙක් වෙන්නේ.

මම දන්න දා ඉදලා ඉඳලා ඔවුන්ට එරෙහි ව සිටි පුද්ගලයෙක්.

ඔබ දැන් අද පිටරට ඉඳලා ඇවිල්ලා මගෙන් අහනවා ඔබ රාජපක්ෂ හිතවාදියෙක් නේද කියලා.

ඔබ මෙතන ඉන්න ඕන කෙනෙක් ගෙන් අහන්න අර ඉන්නේ රාජපක්ෂගේ මිතුරන්.

ඔබ කොහොමද ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙන වෙනස සිදු කරන්නේ?

මම ශ්‍රී ලංකාවේ ජනතාව බලාපොරොත්තු වෙන වෙනස සිද්ධ කරන්න සූදානම්.

මම ඔබට එක දෙයක් කියන්නට කැමතියි.

ජනමාධ්‍යවේදියෙක් විදිහට ඔබ ගැඹුරු විමර්ශනවලවල නිරත විය යුතුයි මේ වගේ ප්‍රශ්න අහන්න එපා.

ඔබ එතකොට රාජපක්ෂවරුන්ගේ හිතවතෙක් නොවේද?

මම රාජපක්ෂවරුන්ගේ හිතවතෙක් නෙවෙයි මම ජනතාවගේ මිතුරෙක්.

ඔබට තව දෙයක් කියන්නම් මම මීට පෙර ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග සමග කටයුතු කර තිබෙනවා.

මම කිසිම අවස්ථාවක ඇය වෙනුවෙන් ඡන්දය භාවිත කර නැහැ.

ඇය එක් පක්ෂයකට අයිති‍යි මා තවත් පක්ෂයකට අයිතියි.

මා රාජපක්ෂවරුන් සමග එක්ව කටයුතු කරනවා කරනවා කියන එකෙන් මා ඔහුගේ මිතුරෙක් යැයි හැඟෙන්නේ නැහැ.

මා එතුලින් බලන්නේ මට තිබෙන අවස්ථාවන් සහ මගේ පක්ෂය ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවන් පිළිබඳ සොයා බලන්නට පමණයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top