ගාලුමුවදොරට විශේෂ ආරක්ෂාවක්
Wednesday, 20 July 2022 - 13:37 | Views - 277
ගාලුමුවදොර අරගල භූමියට අද (20) දිනයේදී විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබෙනවා. ඒ එම භූමියේ විරෝධතාවක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරකට අනුවයි.
එමෙන්ම, එහි පිහිටා ඇති බණ්ඩාරනායක පිලිරුවට කිසියම් පිරිසක් හානි කිරීමට නියමිත බවට ලැබුණු තොරතුරකට අනුව එම පිළිමය අසල ද පොලිසිය යොදවා තිබෙනවා.
පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ නිලධාරින් 100 කට වැඩි පිරිසක් එම ස්ථානයට යොමුකර ඇති බවයි.
Share This Article