මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඇවිත් නැහැ! (Live)
Wednesday, 20 July 2022 - 11:56 | Views - 318
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම් සඳහා වන ඓතිහාසික ඡන්ද විමසීම මීට ටික වේලාවකට පෙර නිමාව දුටුවා.මෙම ඡන්ද විමසීමේ දී පාර්ලිමේන්තුව තුළ සිටින සමස්ථ මහජන නියෝජිතයින් ප්‍රමාණය වන 225න් මහජන නියෝජිතයින් 223ක් සිය ඡන්දය භාවිත කළා.අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දය නොදුන් මන්ත්‍රීවරුන් වූයේ ගජේන්ද්ර කුමාර් පොන්නම්බනම් සහ සෙල්වරාජා ගජේන්ද්‍රන් යන දෙදෙනායි.මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා ම අද දින පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිටියේ නැහැ.
Share This Article