වැඩබලන ජනාධිපති, කතානායක, ඇතුළු පිරිසක් ඡන්දය භාවිත කරයි (Live)
Wednesday, 20 July 2022 - 11:12 | Views - 1,151
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාළව පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා, කතානායකවරයා මෙන්ම අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ඩලස් අලහප්පෙරුම ඇතුළු 50 දෙනෙකු මේ වනවිට (20) ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
අද පෙරවරු 10 ට ඡන්ද විමසීම ආරම්භ වූ අතර, එහිදී පළමුවෙන්ම කතානායක මහින්ද යාපා අබේවර්ධන ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.
පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේදී කතානායකවරයා, මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ නියමයන්ට අදාළව විනයානුකූලව කටයුතු කරන ලෙසයි.
Share This Article