අනුප්රාප්තික ජනපති තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ඇරඹෙයි (Live)
Wednesday, 20 July 2022 - 10:04 | Views - 372
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අනුප්රාප්තික ජනාධිපති තෝරාගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම ආරම්භ වී තිබෙනවා.
ඒ ශ්රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී.
ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයන් තුන් දෙනෙකු තරග වදිනවා.
වැඩ බලන ජනපති රනිල් වික්රමසිංහ, අනුර කුමාර දිසානායක හා ඩලස් අලහප්පෙරුම ඒ සඳහා තරග වැදීමට නියමිත යි.
ජනාධිපතිවරයා ව රහස් ඡන්දයකිනු යි තෝරා ගැනෙන්නේ.
අද (20) පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරු ව, ශ්රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ බාර ගනු ඇති.
Share This Article