අනුප්‍රාප්තික ජනපති තෝරා ගැනෙන ඡන්ද විමසීම සිදුවන්නේ මෙහෙමයි (Video)
Wednesday, 20 July 2022 - 9:49 | Views - 382
අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා මෙරට පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමක් පැවැත්වෙන්නේ ප්‍රථම වරටයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයට නවමු අත්දැකීමක් එක් කරන එම ඡන්ද විමසීම සිදුවන්නේ කෙසේද?

මේ ඒ පිළිබඳ විමසා බැලීමක්.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම වෙනුවෙන් හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේ තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කිරීමට බලය හිමිවන්නේ පාර්ලිමේන්තු මහලේකම්වරයාටයි.

ඡන්දය ආරම්භ කිරීමට පෙර තේරීම්භාර නිලධාරියා විසින් හිස් ඡන්ද පෙට්ටිය මන්ත්‍රීවරුන්ට පෙන්වීමෙන් පසු මුද්‍රා තැබීමට නියමිතයි.

මෙම ඡන්ද විමසීමේදී කතානායකවරයාටද සිය ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමි වනවා.

ඡන්දය ආරම්භ වූ පසු පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් කතානායකවරයා ඇතුලු එක් එක් මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශ කරන අතර අදාළ මන්ත්‍රීවරයා තේරීම්භාර නිලධාරිවරයා හෙවත් පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාව ලබා ගත යුතුයි.

ඉන් පසු ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි මන්ත්‍රීවරයා ඉදිරියේදීම පාර්ලිමේන්තු මහලේකම් වරයා ඡන්ද පත්‍රිකාවේ පසුපස තම මුලකුරු සමග කෙටි අත්සන යෙදීම සිදු කරනවා.

අනතුරුව ඡන්ද පත්‍රිකාව ලබා ගත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභා ගර්භයේ මැද සකස් කර ඇති කුටියට ගොස් ඡන්ද පත්‍රිකාව ලකුණු කොට තේරීම්භාර නිලධාරියාගේ කෙටි අත්සන පෙනෙන පරිදි නවා තේරීම්භාර නිළධාරියාගේ මේසය මත ඇති පෙට්ටියට දැමිය යුතුයි.

ඡන්දය ප්‍රකාශ කිරීමේදී එක් මන්ත්‍රීවරයකුට එක් ඡන්දයක් පමණක් හිමිවන අතර ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි 1 යන ඉලක්කම යොදා ඡන්දය සලකුණු කළ යුතුයි.

අපේක්ෂකයින් කිහිප දෙනෙක් සිටින විට මනාප සලකුණු කිරීමටද අවස්ථාව පවතින අතර ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් ගණන අනුව අනෙක් ඡන්ද අපේක්ෂකයන්ගේ නම් ඉදිරියෙන් ඇති කොටු තුළ 2, 3 ආදී ලෙස මනාප අනුපිළිවෙළ අනුව ලකුණු කිරීමට අවස්ථාව හිමිවනවා.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් සටහන් කරනු ලැබූ මනාප සංඛ්‍යාව ගණන් කිරීම සිදු කෙරෙන අතර ඡන්දය ගණන් කරන ස්ථානයට ඒ ඒ අපේක්ෂකයාට හෝ අදාළ අපේක්ෂකයා නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට රැඳී සිටීමට හැකියි.

මන්ත්‍රීවරුන් විසින් ලබා දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසියම් අපේක්ෂකයෙකු ලබා ඇත්නම් එම අපේක්ෂකයා ජනාධිපතිධුරයට තෝරාපත් කර ගත් බව මහලේකම්වරයා ප්‍රකාශයට පත්කරනවා.

වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයකු ලබාගෙන නොමැති නම් අඩුම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයා තරගයෙන් ඉවත් කෙරෙනවා.

එලෙස ඉවත් කෙරුණු අපේක්ෂකයා වෙනුවෙන් පළමු මනාපය දී තිබු එක් කළ ඡන්ද පත්‍රිකාවල අනෙක් අපේක්ෂකයින් වෙනුවෙන් දෙවන මනාපයක් සලකුණු කොට ඇත්නම් එම මනාප අදාළ අපෙක්ෂකයින්ට එකතු කිරීම සිදු වනවා.

එලෙස මනාප එක් කිරීමෙන් අනතුරුවත් කිසිදු අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි සංඛාවක් ලබා ගෙන නොමැති නම් ගණන් කිරීම අවසානයේ බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයා ජනාධිපතිධුරයට තෝරා පත් කර ගත් බව තේරිම්භාර නිලධාරියා හෙවත් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලබනවා.

යම්හෙයකින් අවසන් අපේක්ෂකයින් දෙදෙනාගේ හෝ කිහිපදෙනෙකු අතර ඡන්ද සමාන වූ විට තේරීම්භාර නිලධාරියාගේ අභිමතය පරිදි කුසපත් ඇදීමක් සිදු වනවා.

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සිට දින 3ක් ඇතුළත ජයග්‍රහණය කළ අපේක්ෂකයාගේ නම පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ගැසට් කළ යුතුයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top