ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ අරගලය වෙනුවෙන් ඇප කැප වෙනවා - ඩලස්
Tuesday, 19 July 2022 - 15:35 | Views - 857
අද ආරම්භ වනුයේ සම්මුතිවාදී ගමනක් බවත්, එය දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ අරගලය වෙනුවෙන් ඇප කැප වීමක් බවත් ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ජනාධිපති ධුර අපේක්ෂක ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද (19) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඒ බව කියා සිටියා.

එසේ ම මේ මොහොතේ රටේ ජනතාවත් ගැන සිතා අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරග වැදීමෙන් ඉවත් වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගත් තීන්දුව ඓතිහාසික තීන්දුවක් බවයි ජනාධිපති ධුර අපේක්ෂක ඩලස් අලහප්පෙරුම කියා සිටියේ.

තව ද තමා මෙරට දේශපාලනයට නව සංස්කෘතියක් හඳුන්වා දීම වෙනුවෙන් කැපවන බව ද එහි දී ඔහු කියා සිටියා.

එම හමුවේ දී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කියා සිටියේ, මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවා දී අයිතිවාසිකම් දිනා දෙමින්, දහනව වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමත් රට ආර්ථික සමාජ සංස්කෘතික වශයෙන් පෙරට රැගෙන යාමත් උදෙසා තමා මෙම තීන්දුව ගත් බව යි.

එසේ ම රටේ ජනතාවගේ අපේක්ෂාවන් මල් ඵල ගැන්වීම තම ඒකායන පරමාර්ථය බව ද විපක්ෂ නායකවරයා කියා සිටියා.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම හෙට පාර්ලිමේන්තුවේ දී පැවැත් වීමට නියමිත අතර එහි දී සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සහයෝගය ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වීමත් සමග පුරප්පාඩු වූ ජනපති ධුරයට අනුප්‍රාප්තිකයෙක් තෝරා ගැනීම සඳහා හෙට පැවැත් වීමට නියමිත් ඡන්ද විමසීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන තරග වැදීමට නියමිතයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top