හිටපු ජනපතිට සිංගප්පූරුවෙනුත් යන්න කියයි!
Tuesday, 19 July 2022 - 13:27 | Views - 385
හිටපු ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂට දින 15ක් තුළ සිංගප්පූරුවෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇතැ යි විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

ගාලුමුවදොර අරගලකරුවන් ප්‍රමුඛ ඉහළ නැඟි ජනතා විරෝධය හමුවේ රටින් පලා ගොස් සිංගප්පූරුවේ සිට සිය ඉල්ලා අස් වීමේ ලිපිය ඉදිරිපත් කළ හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවෙන් මැද පෙරදිග රටකට පිටත් ව යාමට සැලැසුම් කරන බව යි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සිට සෞදි එයාර් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත් ව ගියේ, පසුගිය 13 වැනි දා යි.

ජනාධිපතිවරයා සිංගප්පූරුවට ගොඩ බට අවස්ථාවේ දී ම එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහු සාමාන්‍ය සංචාරකයකු ලෙස සිංගප්පූරුවට පැමිණි බවත් ඔහු දේශපාලන රැකවරණ ඉල්ලා නොමැති බවත් සඳහන් කළා.

කෙසේ වෙතත් විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වන විට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් මේ වන විට සිංගප්පූරුව ගැටලුවකට මුහුණ දී ඇති බව යි.

කෙසේ වෙතත් මේ දක්වාත් සිංගප්පූරුවේ සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඊළඟ ගමනාන්තය කුමක් ද යන්න මෙතෙක් තහවුරු වී නෑ. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top