නව ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීමට පියවර ගැනීමේ දී පිරවුම්හල් සේවකයින්ට ස්මාර්ට් ජංගම දුරකතන ලබා දීමේ ගැටලුවක් පවතින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති කුමාර රාජපක්ෂ කොළඹ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, කිව් ආර් ක්‍රමයට පමණක් ඉන්ධන නිකුත් කිරීමට පිරවුම්හල් සේවකයින්ට ස්මාර්ට් ජංගම දුරකතන අවශ්‍ය බවයි.
කෙසේ වෙතත් එම ජංගම දුරකතන වෙළඳපොළේ සොයාගැනීමේ ගැටලුවක් පවතින බවයි ඔහු එම මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළේ.