ජනපතිවරණයේ නාම යෝජනා කැඳවයි
Tuesday, 19 July 2022 - 10:11 | Views - 1,224
ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස් වීම නිසා හිස් වූ ජනාධිපති අසුන සඳහා නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක පැවැත්වීමට නියමිත යි.

ඒ, හෙට (20) පාර්ලිමේන්තුවේ දි යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කළ අතර, පොදු ජන පෙරමුණු සභාපති මහාචාර්‍ය ජී.එල්.පීරිස් විසින් එම නාම යෝජනාව ස්ථිර කිරීම විශේෂ සිදුවීමක්.

ඉන් අනතුරු ව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන විසින් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කළ අතර, එය ස්ථිර කරනු ලැබුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර විසින්.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක ව යෝජනා කරනු ලැබුවේ, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින්.

එම යෝජනාව පාර්ලිමේන්ති මන්ත්‍රී ආචාර්‍ය හරිනි අමරසූරිය විසින් ස්ථිර කරනු ලැබුවා.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top