ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ ඊට සාපේක්ෂ ව සංශෝධනය කෙරෙන බස් ගාස්තු අද (19) ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි.
ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත උපදෙස් ලබා දුන්නේ, අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා ලෙස යි.
ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව මේ මස පළමු වන දා සිට සියයට 22කින් බස් ගාස්තු ඉහළ දැමුණු අතර අවම ගාස්තුව රුපියල් 40ක් දක්වා එහි දී ඉහළ ගියා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබා දෙන්නේ නම් බස් ගාස්තු සංශෝධනය ගැටලුවක් නො වන බවයි.