ජාතික ඉන්ධන අවසරපත්‍ර වැඩසටහනට ජාතික යොවුන් සේනාංකයේ සහාය
Monday, 18 July 2022 - 15:22 | Views - 5,064
ජාතික ඉන්ධන අවසරපත්‍ර වැඩසටහනට ස්වේච්ඡාවෙන් සහාය වීමට ජාතික යොවුන් සේනාංකය සහ එහි සාමාජිකයින් ඉදිරිපත්ව තිබෙනවා.විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ බව කියා සිටියා.ඒ අනුව එළඹෙන 21 වැනි දා සිට ජාතික යොවුන් සේනාංකය සහ එහි සාමාජිකයින් විසින් ග්‍රාමීය ප්‍රදේශවල ඇති ඉන්ධන පිරවුම්හල්වල දී ජාතික ඉන්ධන අවසරපත්‍රය සඳහා ලියාපදිංචි වීමට මහජනතාවට සහාය වීමට නියමිතයි.(අමාත්‍යවරයා විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින්)

Share This Article