සංචාරක පාකිස්ථානු ක්රිකට් කණ්ඩායම සහ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඕෂධ ප්රනාන්දු අර්ධ ශතකය රැස්කර ගත්තා.
ඒ ඔහුගේ ටෙස්ට් දිවියේ 06 වැනි අර්ධ ශතකයයි.
සිය අර්ධ ශතකය රැස් කරගැනීමට ඔහු වැය කළ පන්දු ගණන 78ක්.
ඊට හතරේ පහරවල් 06ක් සහ එක් හයේ පහරක් ද ඇතුළත් වුණා.
මේ වනවිට ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 92ක් ලබා සිටින්නේ පාකිස්ථානු කණ්ඩායමට වඩා ලකුණු 100ක් ඉදිරියෙන්.