දියණිය පහර දී තම මව ඝාතනය කරයි
Monday, 18 July 2022 - 10:44 | Views - 2,822
ඊයේ (17) උදෑසන කාලයේ දී බොරැල්ල පොලිස් වසමේ සිංහපුර මහල් නිවාස සංකීර්ණයේ දී කාන්තාවක් ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි සිංහපුර මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකාරිනියක්.
මෘත ශරීරය ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, මරණකාරියගේ දුව විසින් කුඩා ප්රමාණයේ මෝල් ගසකින් හිසට පහර දී මෙම ඝාතනය සිදු කර තිබෙනවා.
ඒ පුද්ගලික ආරවුලක් හේතුවෙන්.
ඝාතනය සම්බන්ධයෙන් අදාළ මරණකාරියගේ දියණියව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය අළුත් කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article