අඩු කළ ඉන්ධන මිල සහනය ජනතාවට ලබාදීමට බස් සංගම් සූදානම්
Monday, 18 July 2022 - 10:23 | Views - 2,742
පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සදහා දෛනික ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදු කරන්නේ නම් අඩු කළ ඉන්ධන මිල සහනය ජනතාවට ලබාදීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ බලශක්ති අමාත්‍යවරයා සමඟ මෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි.
දැනට ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණ ද එම සැපයුම ප්‍රමාණවත් නොවන බවයි ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.
ලංගම හරහා ලබාදෙන ඉන්ධන මඟින් ධාවනයට එක් කළ හැකි වන්නේ බස් රථ 1,500 ත් 2,000 ත් අතර බස් රථ සංඛ්‍යාවක් පමණක් වන අතර, පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට කඩිනමින් විකල්ප වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතින බව ඔහු පෙන්වා දෙනවා.
Share This Article