අඩු කළ ඉන්ධන මිල සහනය ජනතාවට ලබාදීමට බස් සංගම් සූදානම්
Monday, 18 July 2022 - 10:23 | Views - 2,743
පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සදහා දෛනික ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදු කරන්නේ නම් අඩු කළ ඉන්ධන මිල සහනය ජනතාවට ලබාදීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ බලශක්ති අමාත්‍යවරයා සමඟ මෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි.

දැනට ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණ ද එම සැපයුම ප්‍රමාණවත් නොවන බවයි ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.

ලංගම හරහා ලබාදෙන ඉන්ධන මඟින් ධාවනයට එක් කළ හැකි වන්නේ බස් රථ 1,500 ත් 2,000 ත් අතර බස් රථ සංඛ්‍යාවක් පමණක් වන අතර, පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට කඩිනමින් විකල්ප වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතින බව ඔහු පෙන්වා දෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top