අදත් වැසි වාර කිහිපයක්
Monday, 18 July 2022 - 10:11 | Views - 210
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මාතලේ, පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම , ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසු වන ලෙසයි එම දෙපාර්තම්න්තුව සඳහන් කර සිටියේ.
Share This Article