හදිසි නීතිය පැනවෙයි
Monday, 18 July 2022 - 7:18 | Views - 1,161
රට තුළ පවතින වියවුල්කාරී දේශපාලන හා සමාජීය තත්ත්වය හමුවේ හදිසි නීතිය පනවා තිබෙනවා.

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති අතර, එම නීතිය අද එනම් ජූලි මස 18 දිනැති සිට ක්‍රියාත්මක වනු ඇති.

හදිසි නීතිය යනු සැබවින්ම කුමක් ද ?

ශ්‍රී ලංකාවේ භූමිය තුළ ඇඳිරිනීතිය සහ හදිසි නීතිය පැනවීමේ බලය හිමිව ඇත්තේ විධායක ජනාධිපතිවරයාට යි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන පරිච්ඡේදය වෙන්ව ඇත්තේ “විධායකය” (The Executive) හෙවත් ජනාධිපතිවරයා සතු බලතල සඳහන් කිරීම වෙනුවෙනුයි. ව්‍යවස්ථාවේ 30 වන වගන්තියේ පළමු උප වගන්තියට අනුව ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානියා සහ සන්නද්ධ සේවාවන්හි ප්‍රධානියා ද වෙනවා.

රාජ්‍ය ආරක්ෂාව මෙන්ම මහජනතාවගේ ආරක්ෂාව පිළිබඳවද තීන්දු තීරණ ජනාධිපතිවරයා විසින් ගනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට අනුකූලව සහ 1947 අංක 25 දරන මහජන මහජන ආරක්ෂක ආඥා පනත (Public Security Ordinance) ප්‍රකාරවයි. (මෙම ආඥා පනතෙහි වගන්ති 1978, 1949, 1953, 1959 සහ 1988 යන වසරවලදී සංශෝධනයට ලක් වී ඇත.)

1947 වසරේ ජූනි මස 16වන දින සම්මත කොට බලාත්මක කෙරුණු මහජන ආරක්ෂක ආඥා පනත මගින් හදිසි නීතිය පිළිබඳ රෙගුලාසි පැනවීම, මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් අවශ්‍ය අනෙකුත් පියවර ගැනීම, මහජනතාව අතර සාමකාමී බව තහවුරු කිරීම සහ සමාජයේ යහපැවැත්ම සඳහා අවශ්‍ය වන සේවා ලබාදීම යනාදී අරමුණු ඉටු කෙරෙන බව ආඥා පනතේ පූර්විකාවෙහි සඳහන් වනවා. (1948ට පෙර සම්මත කොට බලාත්මක කෙරුණු අණපනත් හැඳින්වෙන්නේ ආඥා පනත් හෙවත් Ordinances නමිනි.)

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ හදිසි නීතිය පැනවිය හැකි බලය හිමිව පවතින්නෙ විධායක ජනාධිපතිවරයාටයි.

එය 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රටේ විධායක ජනපති වෙත පැවරී ඇති බලයකි.

මෙම නීතිය පැනවන්නේ රටක යම් හදිසි තත්ත්වයක් ඇතිවූ විට බලපවත්නා නීතිය අභිබවමින් නියෝග දීමේ අවසරය ජනාධිපතිවරයාට සතු කර දෙන විශේෂ දේශපාලනික හා නීතිමය අවස්ථාවකි.

මූලික වශයෙන් මෙහි අරමුණ රටේ සාමය හා ආරක්ෂාව නිසියාකාරව පවත්වා ගැනීමට හමුදා අංශ මෙහෙයවීමයි.

හදිසි නීතිය බලපැවැත්වීමේ දී සිවිල් වැසියාව පරීක්ෂා කිරීම, ප්‍රශ්න කිරීම සහ අත් අඩංගුවට ගැනීමට අවසර ඇත්තේ පොලිසියට පමණක් වීම ද මෙහි සුවිශේෂීත්වයයි.

පොලිස් බලතල ඇතැම් අවස්ථාවලදී හදිසි නීතිය යටතේ හමුදා වෙත පැවරීම ද සිදු කෙරෙන අයුරු දැකිය හැකියි.

රටේ නොසන්සුනකාරී තත්ත්වයක දී රටේ පාලනය අඛණ්ඩව බලපවත්වා ගැනීමට විධායක බලය තනිව භුක්ති විඳිය හැකි බලතලයක් ලෙස ද මෙම හදිසි නීතිය හඳුන්වාදෙනවා.

මෙම හදිසි නීතිය මෙවර ශ්‍රී ලංකාව තුළ පනවා ඇත්තේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.

ඒ පසුගිය ජූලි 14 වැනි දින 7 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමත් සමගයි.

කෙසේවෙතත් හදිසි නීතිය යටතේ විවිධ විද්වතුන් පෙන්වා දෙන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

ඒ අනුව එලෙස උල්ලංඝනය වන අයිතීන් ලෙස සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම – (Right to Equality ), අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන් වැළකීමට ඇති අයිතිය ( Freedom from arbitrary arrest ), අපරාධ නඩු විධාන සංග්‍රහයේ දැක්වෙන පරිදි අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ දඬුවම් කිරීමේ ක්‍රියාදාමය අදාළ නොවීම -( Freedom from illegal detention ), අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස , රැස්වීම් පැවැත්වීම ආදී ඇතැම් අවස්ථා ජනයාට හිමි නොවනු ඇති.

කෙටියෙන් පැවසුවහොත් හදිසි නීතිය යටතේ මූලික අයිතිවාසිකම් කඩ වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමේ අයිතිය පවා මහජනතාවට අහිමි වී යනවා.

හදීසි නීතිය පවතින අවස්ථාවකදී නීති රෙගුලාසිවලට යටත් නොවී ක්‍රියා කරන පුද්ගලයකු නඩු විභාගයකින් තොරව වරදකරු වන අතර මාස තුනකට නොඅඩු සහ අවුරුදු 20කට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකියි.

මේ අතර මෙහිදී වෙඩි තැබීමේ බලය ද හමුදාවට හිමිවනවා.

රටක හදීසි නීතිය පැනවූ අවස්ථාවක අණ නොතකා ක්‍රියා කරන පුද්ගලයෙකුට වෙඩි තැබීමට හමුදාවට බලය හිමිවනවා.

හදිසි නීතිය යටතේ හමුදාවට පැවරෙන බලතල අතර වරෙන්තු නොමැතිව පුද්ගලයින් අතඩංගුවට ගැනීමට, නිශ්චල සහ චංචල දේපල රජයේ පාලනයට ගැනීමට, සෝදිසි වරෙන්තුවක් නොමැතිව ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයක් සෝදිසි කිරීමට බලය හිමිවනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top