ජූලි මස 18,19,20 යන දිනයනුත් පාසල් නිවාඩු
Friday, 15 July 2022 - 14:09 | Views - 1,987
රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන ජූලි මස 21 වැනි දින දිවයිනේ සියලුම පාසල් ආරම්භ වනු ඇති.
රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් සිසුන්ට හා ගුරුවරුන් ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා සිය ප්‍රවාහන පහසුකම්වල පැවති දුෂ්කරතා හේතුවෙනුයි මෙලෙස රාජකාරියට වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වූයේ.
මේ හේතුවෙනුයි සියලුම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කරනු ලැබුවේ.
නමුත් අනිද්දා (17) දිනයේ දී මෙරටට ලැබෙන තෙල් නෞකා සංචිත සමග සිපෙට්කෝ වෙතින් දැනුම්දුන්නේ සාමාන්‍ය පරිදි තෙල් බෙදාහැරීම සිදු කළ හැකි බවයි.
Share This Article