හිස් වූ ජනපති පුටුවේ අඩුව පිරවෙන හැටි ?
Friday, 15 July 2022 - 11:15 | Views - 874
1981 අංක 02 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව ජනාධිපති ධුරය හිස් වූ අවස්ථාවක ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සන්නිවේදන පියසෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති ධුරය හිස් වූ අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි ව්‍යවස්ථාව මගින් දක්වා ඇති පරිදි ධුරය දැරීමට පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයින් අතුරෙන් ජනාධිපති ධුරයට තෝරා පත්කර ගනු ලැබීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කර ගැනීම සිදු කළ යුතුයි.

මෙහිදී මෙම තෝරාපත් කරගැනීම 1981 අංක 02 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ විධි විධාන අනුගමනය කරමින් සිදු කෙරෙනු ඇති.

එමෙන්ම මෙම ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගේ මූලිකත්වයෙන් සිදුවන අතර අදාළ ඡන්ද විමසීමේ දී කතානායකවරයාට ද ඡන්දයක් හිමිවනවා.

එසේම මෙම ක්‍රියාවලිය සඳහා පත් කරගැනීම දින 03ක රැස්වීමකින් අනතුරුව සිදුවනු ඇති.

මේ අනුව පහත නිවේදනයේ දැක්වෙන පරිදි එකී විධි විධාන පියවරයන් යටතේ නව ජනාධිපතිවරයා තෝරා පත් කරගනු ඇති. 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top