ඉදිරි සතියේ පාසල් පැවැත්වීම ගැන විශේෂ සාකච්ඡාවක්
Friday, 15 July 2022 - 11:00 | Views - 6,626
ඉන්ධන අර්බුදය සහ රට තුළ උද්ගතවී ඇති තත්ත්වය මත ලබන සතියේ පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් ඇතුළු බලධාරීන් එක්ව සිටින බවයි වාර්තාවන්නේ.
පවතින තත්වය මත මෙම සතියේ දිවයිනේ සියලු ම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.
Share This Article