බස්නාහිර පළාතට ඇඳිරි නීතිය (Video)
Wednesday, 13 July 2022 - 12:22 | Views - 587
වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමටත් දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශවලට නියෝග කර තිබෙනවා.
කලහකාරි ලෙස හැසිරෙන පිරිස් සහ ඔවුන් ගමන් ගන්නා ලොරි රථ සහ ටිපර් රථ වහාම අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.
කෙසේ වෙතත් , බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා ඇතත්, මගීන් නැවත සිය නිවෙස් කරා ගෙන යාම වෙනුවෙන් දුම්රිය ධාවන කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.
Share This Article