ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
හෙට (13) සිට ක්රියාත්මක වන පරිදි මෙම ලිපිය සකසා ඇති බව යි වාර්තා වන්නේ.
එසේම, හෙට දිනයේදී විශේෂ ප්රකාශයක් සිදුකර මේ බව ජනතාවට දැනුම් දෙනු ඇති බවටත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
කෙසේ වෙතත්, මෙරට ඉතිහාසයේ වැඩි ම ඡන්ද පරතරයකින් ජයගත් ජනාධිපතිවරයා මෙන්ම සිය ධුර කාලය නිම වීමට පෙර ඉල්ලා අස් වූ ප්රථම සහ එක ම ජනපතිවරයා ලෙසට ගෝඨාභය රාජපක්ෂ ඉතිහාසගත වනු ඇති.