හිටපු ඇමති බැසිල් හොර රහසේ ම පැන ගියා ද? (Video & Photos)
Tuesday, 12 July 2022 - 7:57 | Views - 882
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අළුයම දිවයිනෙන් බැහැරව යාමේ සුදානමක් ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස හුවමාරු වුණා.

එමිරේට්ස් ගුවන් සේවාවට අයත් ඊ.කේ 649 දරණ ගුවන් යානාවෙන් කොළඹ සිට ඩුබායි දක්වා ඔහු පිටත්ව යන බවයි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එමිරේට්ස් ගුවන් සේවාවට අයත් ටිකට් පතක ඡායාරූපයක් ද සමගින් වාර්තා පළ වූයේ.

මෙම ගුවන් යානය අද අළුයම 3.15ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව යාමට නියමිතව තිබුණා.

ඉන් අනතුරුව ඩුබායි සිට අළුයම 02:25ට වොෂින්ටන් බලා පිටත් වන ඊ.කේ 231 ගුවන් යානයෙන් ඔහු ඇමරිකාවේ වොෂින්ටන් බලා පිටත්ව යාමට නියමිතව ඇති බවයි එම ටිකට් පතේ සඳහන්ව තිබුණේ.

කෙසේ වෙතත් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ, අද අළුයම ඩුබායි බලා පිටත් වූ එමිරේට්ස් ගුවන් යානය සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැමිණ සිටියේ නැති බවයි.

මේ අතර ගුවන් තොටුපොළ සිල්ක් රූට් නිෂ්කාශන (silk route) රාජකාරිවලින් ඉවත් වීමට ආගමන විගමන බලධාරීන් තීරණය කර තිබෙනවා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා ගමන් ගන්නා විශේෂ අමුත්තන් සහ ප්‍රභූන් වෙනුවෙන් පහසුකම් සැලසෙන මෙම සේවාවේ කටයුතුවලින් ආගමන විගමන නිලධාරීන් ඉවත්වීමට තීරණය කර ඇත්තේ, මේ වන විට රට තුළ උද්ගත ව ඇති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන්.

ඒ අනුව ඔවුන් අද පෙරවරු 12 සිට සියලු ම සිල්ක් රූට් නිෂ්කාශන කටයුතුවලින් ඉවත් වන බවයි ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය පවසන්නේ.

මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තයේ සිටින බවට පැවසෙන ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ බරපතළ ලෙස සංසරණය වෙනවා.

කෙසේ වෙතත් මෙම ඡායාරූප අද අළුයම ලබාගත් ඡායාරූප දැ යි යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැහැ. 










ප්‍රවේශ පත්‍රය



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top