අන්තර්වාර පාලනයකට යන්න - ඇමතිවරු ඉල්ලා අස්වෙයි
Monday, 11 July 2022 - 12:52 | Views - 1,147
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට මගපාදමින් කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.
එසේම, පෙර ප්‍රකාශ කළ පරිදි තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම්දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළා.
ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කළේ තමන් අනිද්දා, එනම් ලබන 13 වනදා ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
Share This Article