හෙට ජාතික ශෝක දිනයක්
Monday, 11 July 2022 - 11:20 | Views - 458
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ හදිසි අභාවය හේතුවෙන් මෙම මස 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට මෙරට රජය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ඊයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කලද, එය රජයේ නිවාඩු දිනයක් නොවන බවයි.
Share This Article