මධ්‍යම කඳුකරයට දැඩි සුළං (Video & Photos)
Monday, 11 July 2022 - 10:58 | Views - 1,256
මධ්‍යම කඳුකරයට දැඩි සුළං සමග කඩින්කඩ තද වැසි ඇද හැලීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ මාර්ග හරහා විශාල ගස් කඩා වැටීම හේතුවෙනුයි.

නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් පැවසුවේ ඊයේ (10) පස්වරුවේ සිට මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

නුවරඑළිය - බදුල්ල ප්‍රධාන මාර්ගයේ නානුඔය මංසන්ධියේ විශාල සයිප්‍රස් ගසක් අද (11) අලුයම 6 ට පමණ ප්‍රධාන මාර්ගයට කඩා වැටීම හේතුවෙන් අද පෙරවරුව පුරාවට ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

යුද හමුදාව , පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු සයිප්‍රස් ගසෙහි කොටසක් කපා ඉවත් කර රථ වාහන ගමනාගමනය එක් මංතීරුවකට මේ වනවිට සීමා කර ඇති බවයි වාර්තාවන්නේ. 

කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලද බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල ද පැයට කිලෝ මීටර 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි.

එසේම, මීගමුව සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත්, ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top