ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Monday, 11 July 2022 - 9:10 | Views - 397
සබරගමුව පළාතේත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, අද (11) වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලද බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල ද පැයට කිලෝ මීටර 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවිය හැකියි.
මේ අතර මීගමුව සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත්, ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article