විශේෂ පක්ෂ නායක රැස්වීමක් පස්වරුවේ
Monday, 11 July 2022 - 8:25 | Views - 2,164
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (11) පැවැත්වීමට නියමිතයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පස්වරු දෙකට එය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම මෙන්ම නව ආණ්ඩුවක් පිහිටුවීම හා රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙම රැස්වීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දුගෙන් කළ විමසිමකදී ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලිඛිත ඉල්ලීමක් මෙතෙක් සිදුකර නොමැති බවයි.

එසේ වුවත් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අග්‍රමාත්‍යවරයාගේ ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් වුවහොත් ඉදිරි පැය 48 තුළ පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාව පවතිනවා.

එසේ නොමැතිවුවහොත් ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ පනත අනුව අනිද්දා ඔහු ධුරයෙන් ඉවත්වීමෙන් පසු දින 3 ක් ඇතුළත පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුව කැඳවීමේ නිවේදනය නිකුත් කළ යුතුයි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top