ඉන්දීය භාණ්ඩාගාරය රැකගන්න - බිමල්ගෙන් සැර පිළිතුරක් (Video)
Monday, 11 July 2022 - 7:17 | Views - 554
මෙරට දේශපාලනික ව්‍යාකූලත්වයට වගකිව යුතු රාජපක්ෂ පවුල බේරා ගැනීම සඳහා ඉන්දීය හමුදාව එවීමට ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක, හිටපු අමාත්‍ය සුබ්‍රමනියම් ස්වාමිට දැඩි අවශ්‍යතාවක් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පවසනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලට සහාය දැක්වීම සඳහා ඉන්දීය හමුදාව අවශ්‍ය නම්, හමුදාව පිටත් කර එවීමට යෝජනා සුබ්‍රමනියම් විසින් සිදුකර ඇති බවයි.

එලෙස පැමිණෙන ඉන්දීය හමුදාව ශ්‍රී ලාංකික ජනතාව විසින් සාදරයෙන් පිළිගනු ඇති බවයි ඔහු සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.

ඉන්දීය හමුදාව විසින් රාජපක්ෂවරුන් බේරාගෙන ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළහොත්, එම බේරාගත් අයගේ පවා වියදම් මෙරට ජනතාව ගෙවනු ඇති බව ද බිමල් රත්නායක පවසනවා.

නමුත්, ඉන් පසුව ඉන්දීය භාණ්ඩාගාරය සම්බන්ධයෙන් ඉදිරියේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි ජාතික සංවිධායක බිමල් රත්නායක වැඩිදුරටත් සුබ්‍රමනියම් හට දන්වා ඇත්තේ.

ඊයේ (10) දිනයේ දී සුබ්‍රමනියම් ස්වාමි විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ, ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම නිදහස් මැතිවරණයකින් වැඩි බහුතරයකින් තේරී පත් වූ අය බැවින්, එවැනි නීත්‍යානුකූල මැතිවරණයකින් පත් වූ ආණ්ඩුවක් මැර පිරිස් විසින් පෙරළා දැමීමට ඉන්දීය රජය ඉඩ ලබාදෙන්නේ කෙසේද යන වගයි.

අපේ අසල්වැසි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක් ආරක්ෂිත තත්ත්වයක පසු නොවන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

මීට පිළිතුරු ලෙසයි බිමල් රත්නායක විසින් සුබ්‍රමනියම්ගේ ප්‍රකාශයට සටහනක් තබා ඇත්තේ.

මේ අතර, මැතිවරණවලින් තේරී පත් වූ නායකයින්ගේ පෞද්ගලික නිවෙස් ආක්‍රමණය කිරීමට සහ මැර පිරිස් විසින් අසභ්‍ය බසින් යුතුව එය සාධාරණීකරණය කිරීම ශ්‍රී ලංකාවේ වර්තමාන අර්බුදය නිර්මාණය කර ඇති බව පැහැදිලි වී ඇති බව ද සුබ්‍රමනියම් ප්‍රකාශ කර තිබෙනවා.

එබැවින් කිසිම දිනෙක මෙම මැර පිරිස ඉන්දියාවේ සරණාගතයන් බවට පත් නොවීමට ඉන්දීය රජය වගබලා ගත යුතු බවයි සුබ්‍රමනියම් ස්වාමි වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ. 








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top