මම ඉල්ලා අස්වෙන්න සුදානම් - අගමැති (Video)
Saturday, 09 July 2022 - 18:01 | Views - 883
අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබෙනවා.

දීප ව්‍යාප්ත ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත බවත්, ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිත බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් සැලකිල්ලට ගෙන තමන් මෙම තීරණය ගන්නා බව ඔහු පවසයි.

එබැවින් පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔහු විරුද්ධ පක්ෂ නායකයින්ගේ මෙම නිර්දේශයට එකඟ වී තිබෙනවා.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් බල කර සිටියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනාම සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවටයි.

ඒ අනුව පක්ෂ නායකයන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් අගමැතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

අගමැතිවරයා ධුරයෙන් ඉවත්වීමත් සමගම කැබිනට් මණ්ඩලය ද නිල වශයෙන් ඉවත් වීම සිදු වනවා.

මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙසට ඉල්ලීමක් කිරීමටයි.

එමෙන්ම වැඩබලන ජනාධිපතිවරයා ලෙසට කතානායක මහින්ද යාපා අබේවර්ධනට වගකීම පැවරෙන අතර ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් නව ජනාධිපතිවරයෙකු ඉතිරි කාල සීමාව සඳහා තෝරා පත්කර ගැනීමටත් තීරණය වී තිබෙනවා.

එම තෝරා පත්කර ගැනීම සමග ඉතා කෙටි කාලයකින් අන්තර් කාලීනස ර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට ද පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බවයි අධිකරණ අමාත්‍යවරයා කියාසිටියේ.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් අතර විවිධ මත පැවතිය ද අවසානයේදී සියලුදෙනා මෙම තීරණවලට එකඟතාව පළකර තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top