අරගලකරුවන් ජනාධිපති මන්දිර පරිශ්‍රයට ඇතුළු වෙති (Video)
Saturday, 09 July 2022 - 13:10 | Views - 765
විරෝධතාකරුවෝ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පරිශ්‍රයට ඇතුළු වී ඇති බව වාර්තා වනවා.

විරෝධතාකරුවන් දහස් ගණනින් කිංග්ස්බරි හෝටලය අසලට පැමිණ තිබෙන අතර යොදා තිබූ මාර්ග බාධක ගලවා ඉවත් කොට දමා තිබෙනවා.

තව ද පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශයෙන් ඉවත්ව යමින් සිටින බවත් වාර්තා වනවා.

ඒ අතර විරෝධතාකරුවන් වෙත නොනැවතී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වන අතර, විරෝධතාකරුවන් විසින් එම කඳුළු ගෑස් උණ්ඩ නැවතත් පොලීසිය හා ආරක්ෂක අංශ වෙත දමා ගැසීමට කටයුතු කරනවා. 

up date...

අරගලය මධ්‍යයේ තුවාල ලබා රෝහල්ගත කළ සංඛ්‍යාව 33ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම සංඛ්‍යාව 19 සිට 29 දක්වාත් මේ වනවිට එය 33ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර කොළඹ - කොටුව ආශ්‍රිත ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත පුද්ගලයින් පිරිසක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මන්දිරය වෙත ඇතුලුවී තිබෙනවා.

ඔවුන් මේ වනවිටත් එහි රැඳී සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම එක් පුද්ගලයෙකු ජනාධිපති මන්දිරයේ වහලය මත නැඟී ජාතික කොඩිය ද ඔසවමින් අරගලය කරන ආකාරය ද දක්නට ලැබෙනවා.

කොළඹ - කොටුව ආශ්‍රිත ප්‍රදේශයේ පැවැත්වෙන මෙම විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වනවා.

එසේම ජනාධිපති කාර්යාලය අසළ පිහිටි අරගල භූමියට ද විශාල පිරිසක් පැමිණ සිටින බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

මේ වනවිට පිරිසක් ජනාධිපති කාර්යාලයට ද ඇතුළු වී තිබෙනවා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top