කොළඹ - ගාලු මුවදොර අරගලකරුවන්ට පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විරෝධතාකරුවන් මාර්ග බාධක ඉවත් කරමින්, ජනාධිපති මන්දිරය දෙසට ඇතුල්වීමට උත්සාහ කිරීමේදියි පොලිසිය විසින් ජල ප්‍රහාරය එල්ල කර ඇත්තේ.
මේ අතර විරෝධතාකරුවන් සහ පොලිසිය අතර කොළඹ දී ඇති වූ ගැටුම්වලින් මේ වනවිට රෝහල්ගත කර ඇති සංඛ්‍යාව 07කු බවයි වාර්තා වන්නේ.
කොළඹ ජාතික රෝහලට මෙම පිරිස ඇතුළත් කර ඇති අතර, ඉන් දෙදෙනකු පොලිස් නිලධාරින්.