සිංහ - කැන්ගරු සටන මැද අරගලකරුවෝ ගාලු කොටුවට (Video)
Saturday, 09 July 2022 - 12:16 | Views - 446
සංචාරක ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ වනවිට (09) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර, ගෝල්ෆේස් අරගලයට සහාය දක්වමින් විරෝධතාකරුවන් ගාලු කොටුව බැම්ම මත නැඟ විරෝධතා දක්වන ආකාරය වාර්තා වනවා.
ඒ අනුව විරෝධතාකරුවන්, විවිධ සටන් පාඨ ලියූ පුවරු රැගෙන ඔසවමින්, ගාලු පිටිය වටා පිහිටි ගාලු කොටුව බැම්ම මත නැග ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
වත්මන් ජනාධිපති, අගමැති ප්‍රමුඛ දේශපාලනාධිකාරිය වහාම සිය ධුරවලින් ඉවත්ව යා යුතු බවට බල කරමිනුයි මෙම විරෝධතාව පැවැත්වෙන්නේ.
එමෙන්ම අද පෙරවරු 08ට පමණ විරෝධතාකරුවන් රැගත් සමුද්‍රදේවී දුම් රිය ද කොළඹ කොටුවට පැමිණීමට පිටත් වුණා.
Share This Article