පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද උදෑසන 08න් අවසන් - දුම්රියත් ධාවනයට පියවර (Video)
Saturday, 09 July 2022 - 10:09 | Views - 853
බස්නාහිර පළාතේ ඇතැම් පොලිස් වසම්වලට පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද (09) පෙරවරු 08ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.
ඒ අනුව ඊයේ (08) රාත්‍රියේ දී පැනවූ පොලිස් ඇඳිරිනීතිය ලිහිල් වන ප්‍රදේශ ලෙස මීගමුව කොට්ඨාසය, කැළණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර), කොළඹ (දකුණ) සහ කොළඹ (මධ්‍යම) යන ප්‍රදේශවලට මෙම ලිහිල්භාවය හිමිවනු ඇති බවයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අත්සනින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
වැඩිදුර තොරතුරු:-
අද (09) උදෑසන 08න් පසුව පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් අනතුරුව දුම් රිය ධාවනය කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
Share This Article