වැඩි මිලට ඉන්ධන නෞකාවක් ගැනීමේ තීරණයක් (Video)
Wednesday, 06 July 2022 - 14:11 | Views - 2,619
ඉන්ධන අර්බුදය මඟ හරවා ගැනීම සඳහා ලබන 22 වනදාට පෙර වැඩි මිල මිලට පෙට්‍රල් නෞකාවක් මිලදී ගැනීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.
ඊට අදාළව පෙර ගෙවීම් ද සිදු කළ බවයි ඔහු කියා සිටියේ.
මේ අතර ඊයේ දිනයේදීත් ඉන්ධන පිරවුම්හල් කිහිපයකම උණුසුම් තත්ත්වයන් මතුවූයේ ඇතැම් පිරිස් කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන්.
වැල්ලවාය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඊයේ රාත්‍රියේ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ පුද්ගලයින් 13 දෙනකු අත්අඩංගුවට ගනු ලැබුවා.
එමෙන්ම ගල්ගමුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ආරක්ෂාව සඳහා රැදී සිටි පොලිස් නිලධාරීන්ට බැණ වැදුනු පුද්ගලයින් දෙදෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Share This Article