සැප්තැම්බර් මස 30 වනදාට පෙර සියලු ම හිඟ බදු මුදල් ගෙවන ලෙසට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට දැනුම් දී තිබෙනවා.
එදිනට පෙර ගෙවීම් කරන්නන්ට දණ්ඩන සහන ලබාදීමට කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
ඒ අනුව අත්තිකාරම් පුද්ගල ආදායම් බදු, රඳවා ගැනීමේ බදු, අත්තිකාරම් ආදායම් බදු, මුද්දර බදු සහ ඔට්ටු මෙන්ම සූදු බදු ගෙවන ලෙසට ඔවුන් ප්රකාශ කර තිබෙනවා.