රජය වහාම ඉල්ලා අස්විය යුතුයි - කාදිනල් හිමි
Tuesday, 05 July 2022 - 15:17 | Views - 520
රටේ විනාශයට වගකීම භාරගෙන ජනපති සහ රජය වහාම ඉල්ලා අස්විය යුතුයි කාදිනල් හිමිගෙන් තදබල ප්‍රකාශයක්.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් රටේ පවතින වත්මන් වාතාවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එහිදී උන්වහන්සේ පෙන්වා දෙන්නේ මාතෘ භූමිය මින් පෙර කිසි කලකත් නොවූ ආර්ථික බංකොලොත්භාවයට පත් වීම නිසා ජනතාවට අපමණ දුක් පීඩා විඳීමට සිදුව ඇති බවයි.

මේ තත්ත්වය තවදුරටත් නිහඬව බලා සිටිය නොහැකි බැවින් රටේ ජනතාව වෙනුවෙන් මෙම ප්‍රකාශය කිරීමට තීරණය කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ අද අප රට පත් වී ඇති උග්‍ර අර්බුදකාරී, අසහනකාරී, තත්ත්වයට ජනාධිපතිවරයා සහ රජය පසුගිය වසර දෙක හමාරක කාලය තුළ ගන්නා ලද අදුරදර්ශී අත්තනෝමතික තීරණ සෘජුවම බල පෑ බව පිළිගත යුතු බවයි.

ජනතා මුදල් සහ රටේ දේපළ දූෂිත සහ වංචා සහගත ලෙස කොල්ල කමින්, ජනතාව සූරා කමින්, ගෙන ගිය මුරණ්ඩු සහ මර්දනකාරී, වැඩ පිළිවෙල මුල සිටම පිළිකුලෙන් යුතුව හෙළා දුටු අතර මේ වන තුරුත් එම දූෂණ සහ වංචා පිළිබඳ විනිවිද භාවයකින් සිදු වූ කිසිදු විමර්ශනයක් හෝ වරදකරුවන්ට දඬුවම් දීමක් සිදු වී නොමැති වීමත් බරපතළ කනගාටුදා‍යක තත්ත්වයක් බවත් එම නිවේදනයේ සඳහන්.

එබැවින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටින්නේ රටේ දුක් විඳින මහජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා සහ රජයට තවදුරටත් බලයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බැවින් රට වැටී ඇති මෙම ඛේදනීය තත්ත්වයට වගකීම භාර ගෙන තවදුරටත් ජනතාව පීඩාවට පත් නොකර තම තනතුරු වලින් ඉල්ලා අස්වී රටේ අනාගතය ජනතාවට භාර දෙන ලෙසයි.

ඒ අනුව ජනතාව පතන සම්පූර්ණ ව්‍යූහාත්මක දේශපාලන වෙනස විශ්වසනීයත්වයකින් සහ විනිවිද බවකින් යුතුව සිදු කර ගැනීම සඳහා අන්තර්කාලීන සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ගැනීමට ඒ හරහා පසුබිම සැලසෙන බවත් එම නිවේදනයේ සඳහන්.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහලින්...


 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top