අත්‍යාවශ්‍ය සේවා සඳහා තෙල් සංස්ථාවට IOCයෙන් ඩීසල්
Tuesday, 05 July 2022 - 13:37 | Views - 1,074
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ සිට ඩීසල් මෙටි්‍රක් ටොන් 7,500ක් කොළොන්නාව පර්යන්තයට යොමුකර තිබෙනවා.

ඒ අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන සැපයීම සඳහායි.

එමෙන්ම, අද දිනයේ දීත් මුතුරාජවෙල පර්යන්තයෙන් අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ඩීසල් ටැංකි රථ කිහිපයක් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ අතර සතියකට ආසන්න කාලයක් තිස්සේ පවතින නොනවතින ඉන්ධන පෝලිම් තවත් දිගු වී ඇත්තේ ඉන්ධන පැමිණෙන දිනයක් පිළිබඳව නිශ්චිත තොරතුරක් නොමැති පසුබිමකයි.

එවන් පසුබිමක ඉන්ධන පිරවුම්හල් අසල නොසන්සුන්කාරී තත්වයන්ද හටගන්නේ, ජනතාව සහ ආරක්ෂක අංශ අතර පවතින උණුසුම් තත්වයන් හේතුවෙන්.

ඉන්ධන පිරවුම්හල් අසල සිදුවන කළහකාරී තත්වයන් පිළිබඳව අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද සංවාදයට බදුන් වුණා.

එවන් පසුබිමක තවත් ඉන්ධන පෝලිමක රැදී සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ බොරැල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමක මෝටර් රථයක් තුල රැදී සිටි අයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔහු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි අයෙක්.

ඉන්ධන අර්බුදයත් සමඟ ප්‍රවාහන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුකාරී තත්වය හේතුවෙන් වෙළඳ නාවික ලේකම් කාර්යාලය සිකුරාදා දිනවල වසා තැබීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංගම, පෞද්ගලික බස් රථවල අඩුවක් අද දිනයේ දක්නට ලැබුණු අතර, දුම්රිය ගමන්වාර කිහිපයක් ද අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඉන්ධන අර්බුදය මේ වන විට ක්ෂේත්‍ර රැසකට බලපෑම් එල්ල කර ඇති අතර හිටපු කෘෂි අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න සඳහන් කළේ, ගොවීන්ට ඉන්ධන ලබා දීමට කටයුතු නොකළහොත් ඉදිරියේදි තවත් අර්බුධයක් මතුවිය හැකි බවයි.

එවන් පසුබිමක ගෑස් මෙටි්‍රක් ටොන් 3,700ක් රැගත් නෞකාව එළඹෙන 9 වනදා මෙරටට ලගාවන බව ලිට්රෝ සමාගම පවසනවා.

මේ වනවිටත් අදාළ නෞකාව මෙරටට ලගා වීම සඳහා ගමන් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, තවත් ගෑස් අඩංගු නෞකා දෙකක් එළඹෙන 11 වනදා සහ 16 වන දා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ලෝක බැංකුව සමඟ ලිට්රෝ සමාගම ගෑස් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් ගෙන්වීමට ගිවිසුමක් අත්සන් කර අතර ඊට අදාළවයි මෙම ගෑස් තොග මෙරටට පැමිණිමට නියමිතව ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top