අනුරගේ සැලැස්ම හොඳනම් - අගමැති රනිල් තනතුර අතහරින්න සූදානම්
Tuesday, 05 July 2022 - 12:11 | Views - 6,229
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට ආර්ථිකය ගොඩනැගීමට හැකිනම් ඒ සඳහා ඉඩ ලබා දී තමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉවත්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද(05) 'රට ඇද වැටී තිබෙන තත්ත්වයට රජයේ විසඳුම්' පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් කළ විශේෂ ප්‍රකාශයක් අතරතුර දී යි.

එහි දී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, "තමන්ට බාර දුන්නොත් මාස හයකින් රට යථා තත්ත්වයට පත්කරන බව අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමා ප්‍රකාශ කර තියෙනවා. ඇත්තෙන් ම එසේ කළ හැකි නම් එය ඉතා යහපත් වැඩක්. ඍණ හයක් හතක් දක්වා ආර්ථික වර්ධනය වේගය ඇද වැටුණු රටක් මාස හයක් තුළ ධන ආර්ථික වර්ධන වේගයක් දක්වා ගෙන යාම මෙතෙක් ලෝකයේ කිසිම රටක සිදුවී නැති ක්‍රියාවක්. හැබැයි මෙතෙක් එහෙම වෙලා නෑ කියා අපිට අනුර කුමාර දිසානායක මහතාගේ අදහස බැහැර කරන්න බැහැ. මාස හයක් තුළ රට යළි යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මක් එතුමා ළඟ ළඟ තියෙනවා නම් ඉතා හොඳයි. එවැනි සැලැස්මකින් කෙටි කාලයක් තුළ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට අපට හැකි වෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝකයටත් කදිම පූර්වාදර්ශයක් වෙනවා.

ඒ නිසා මම අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමා ගෙන් ඉල්ලා සිටින්නේ මේ සැලැස්ම ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන ලෙසයි. ජනාධිපතිතුමා ළඟට යන්නට කැමති නැත්නම් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපි එය මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමු. ඒ වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කරන සැලැස්මට වඩා යහපත් සහ ප්‍රතිඵලදායි වැඩපිළිවෙළක් නම් අපි එය ක්‍රියාත්මක කරමු. එවැනි සැලැස්මක් ආර්ථිකය පිළිබඳ නොබෙල් ත්‍යාග ලැබීමට තරම් විශිෂ්ට එකක් වෙනවා.

ඉතින් එවැනි සැලැස්මක් තියෙනවා නම් මම එතුමාට ඉඩදී තනතුරු අත්හරින්න සූදානම්. තනතුරු අත්හැර ඒ වැඩපිළිවෙළට සහයෝගය ලබාදීමට සූදානම්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මාස 06ක් ඇතුළත ආර්ථිකය ගොඩගැනීමට හැකියාව පවතී නම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාහට ඒ සඳහා ඉඩ ලබාදීමට තමන් සූදානම්" බවයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top