ඉන්ධන පෝලිමක තවත් මරණයක්
Tuesday, 05 July 2022 - 11:55 | Views - 902
ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත් , අදාල පුද්ගලයා සම්බන්ධව තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර මොහු බොරැල්ල ප්රදේශයේ පෝලිමක රැඳී සිටියදී මෙලෙස මියගොස් ඇති බවටයි සඳහන් වුණේ.
කෙසේ වෙතත්, මිට පෙරද ඉන්ධන පෝලිම් අතරතුර ජීවිත කිහිපයක්ම මෙලොව හැර ගොස් තිබෙනවා.
Share This Article