ජනතාවගේ ප්‍රශ්න විසඳන්න - නව කමිටුවක්
Tuesday, 05 July 2022 - 10:48 | Views - 308
ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව ප්‍රතිස්ථාපනය කිරීම සහ ආහාර සුරක්ෂිතතා කමිටුවක් පිහිටුවා තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් යුතුව කමිටු සාමාජිකයින් 7 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එය ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය අද හිමිව තිබෙනවා.
එම කමිටුවේ සංයුතිය පහතින්,
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ - සභාපති
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
ධීවර අමාත්‍යවරයා
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා
කෘෂිකර්ම අමාත්‍යවරයා
වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා
එසේම, සුරක්ෂිතතා කමිටුව පත්කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Share This Article