පාපැදියෙත් මිල අහසට
Tuesday, 05 July 2022 - 8:35 | Views - 1,652
වෙළඳපොළේ පාපැදි තොග අවසන්වීම හේතුවෙන් පාපැදි අලෙවිකරුවන් හා ඒවා මිල දී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් අපහසුතාවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම, පාපැදි තොග අවසන් වීමත් සමඟ අලෙවිකරුවන් විවිධ මිල ගණන් යටතේ පාපැදි අලෙවි කරන බවට යි වෙළඳපොල ආරංචිමාර්ග සඳහන් කළේ.

ඉන්ධන අර්බුදයත් සමඟ පාපැදි සඳහා වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් මේ වනවිට පවතිනවා.

පාපැදි තොග අවසන් විමත් සමඟ ඇතැම් පාපැදි අලෙවිකරුවන් සාමන්‍ය පාපැදියක් රුපියල් 60,000 දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගියර සහිත පාපැදියක මිල ද රුපියල් 77,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එවන් පසුබිමක පාපැදි ගෙවීමේ ක්‍රමයට ලබා දීමට ඇතැම් පාපැදි අලෙවි ආයතන කටයුතු කරමින් සිටිනවා.

අරගල බිමේ සැඟ වී සිටි වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට.

ස්ත්‍රී දූෂණයක් සිදු කිරීමේ වරදට අධිකරණය මඟහරිමින් සිටි වරෙන්තුකරුවෙකු ගාලු මුවදොර විරෝධතා භූමියේ සැඟවී සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්නපුර - මහධිකරණයේ විභාග වෙමින් පවතින ස්ත්‍රී දූෂණ නඩුවක ප්‍රධාන සැකකරු ලෙසට නම් කර ඇති මොහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවෙක් ද නිකුත් කර තිබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

සැකකරු මාස දෙකක පමණ කාලයක සිට ගාලුමුවදොර විරෝධතා භූමියේ සැඟ වී රැදී සිට ඇති බවට අණාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් සැකකරු පසුගිය පළමුවන දා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, රත්නපුර - වෙරළුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top