අද ඇරඹුණු මැතිසබය තවත් දින දෙකක්
Monday, 04 July 2022 - 10:26 | Views - 6,972
පාර්ලිමේන්තුව අද (04) මේ වන විටත් රැස් වී තිබෙනවා.
ඒ අනුව අද, හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී පාර්ලිමේන්තුව රැස්වීමට පසුගිය දා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දි තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, අද පාර්ලිමේන්තුව පස්වරු 3.30 දක්වා රැස් වීමට නියමිත අතර මෙම සතියේ අවසන් පාර්ලිමේන්තු දිනය වන ජුලි මස 6 වනදා පෙරවරු 10 සිට පෙරවරු 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති බව ද සඳහන්.
එසේම, ඉන් අනතුරුව "රටේ වත්මන් තත්ත්වය" පිළිබඳව විපක්ෂය ගෙන එන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය පස්වරු 4.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙන බවද සඳහන් වනවා.
Share This Article