හෝමාගම - මාගම්මන ප්රදේශයේ දෙමහල් නිවසක ඇතිවූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර සිටි 6 හැවිරිදි කුඩා දැරියද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය මස 25 වනදා අදාළ නිවසේ හටගත් ගින්නෙන් මව, පියා සහ 19 හැවිරිදි වැඩිමහල් දියණියද ජීවිිතක්ෂයට පත්වූ අතර, සය හැවිරිදි දැරිය බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රතිකාර ලබමිනුයි පසුවුණේ.
කෙසේ වෙතත් ඊයේ අලුයම ඇයද ජීවිතක්ෂයට පත්ව ඇති බවට කහතුඩුව පොලිසියට රෝහල් පොලිසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ගින්නට හසුව පිළිස්සුම් තුවාල ලැබූ පවුලේ සියලුමදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බැවින් දැරියගේ දේහය ඥාති නැන්දණියක විසින් භාරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.