පෙට්‍රල් සපයා ගැනීමට නොහැකි වීම නිසා යතුරුපැදි ධාවනයට තිනර් යොදා ගැනීමට ඇතැම් පිරිස් පෙළඹී ඇති බව වාර්තා වනවා.
එහෙත් ඒ හේතුවෙන් යතුරුපැදි විශාල සංඛ්‍යාවක් කාර්මික දෝෂවලට ලක්ව ඇති බව සදහන්.
මේ අතර කිලිනොච්චිය ඌට්ටුපුලම් පුලාවලි ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ පෙට්‍රල් ලීටර 110 ක් සහ ඩීසල් ලීටර 400 ක් සමඟ 62 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව කිලිනොච්චිය - කරඩිබොක්ක ප්‍රදේශයේ සඟවා තිබූ ඉන්ධන බැරල් 35ක් පොලිසිය ඊයේ සොයාගෙන තිබුණා.