පිටකොටුව - බැස්ටියන් මාවත බස් නැවතුම්පල ඉදිරිපිටදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු අද (04) අලුයම පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසය අද බෙම්මුල්ල ප්රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පසුගිය මැයි මස 30 වනදා බැස්ටියන් මාවතේ දී සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබුවා.
මෙහිදී ජීවිතක්ෂයට පත්වූයේ අනුරාධපුර ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.
තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ අනෙක් පුද්ගලයා ගාල්ල ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සදහන් කළේ.
හිටපු යුද හමුදා කොමාන්ඩෝ සාමාජිකයන් වන මොවුන් සේවයෙන් ඉවත්වීමෙන් අනතුරුව කොළඹ 07 ප්රදේශයේ අවන්හලක සේවය කර තිබුණා.