ජැක්සන්ට අද සැත්කමක් (Video)
Monday, 04 July 2022 - 7:55 | Views - 999
අනතුරට ලක්ව වැඩිදුර ප්රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණු ප්රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අද සැත්කමකට භාජනය කිරීමට නියමිතයි.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවයි.
රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී, ඔහුගේ සහෝදරයකු වන සමන් ඇන්තනී සහ තවත් පුද්ගලයෙකු සමඟ තලාව ප්රදේශයේ පැවති චිත්රපට රූගත කිරීමක් සඳහා සහභාගි වී අනුරාධපුර දෙසට ගමන් ගනිමින් සිටියදී ඊයේ රාත්රී 9.30 ට පමණ අනතුරට ලක්ව තිබුණා.
ඒ ඔවුන් ගමන් ගත් කැබ් රථයෙහි වන අලියෙකු ගැටීමෙන්.
කැබ් රථයේ ගැටුණු අලියා එම රථය මතට පෙරළීමෙන් කැබ් රථයට ද දැඩි අලාභ හානි සිදු වූණා.
Share This Article