වසරකට ජීවිත 3000ක් රිය අනතුරුවලින් මරුට (Video)
Friday, 01 July 2022 - 15:44 | Views - 680
හදිසි අනතුරුවලින් මේ වනවිට වැඩිම ජීවිත හානි සිදුව ඇත්තේ යතුරුපැදිකරුවන්ට බව රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අංශයේ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා.
ජාතික අනතුරු නිවාරණ සතිය පිළිබඳ දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
වසරකට මෙරට සිදුවන රිය අනතුරුවලින් ජීවිත 3000ක් පමණ අහිමි වන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ.
එම අනතුරුවලින් වැඩියෙන්ම සිදුවන මරණ යතුරුපැදි අනතුරු බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.
Share This Article